Gossips

හමුදා නිලධාරීන් යුද අධිකරණයට ගෙන යාමේ සූදානමක් – සරත් වීරසේකර

අතුරුදන්වූවන්ගේ කාර්යාලය හරහා යුද අපරාධවලට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකිරීමට රජය පියවර ගත යුතු බව අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව පවසනවා.
එහි සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම හරහා හමුදා නිලධාරීන් යුද අධිකරණයකට ගෙන යාමට සුදානමක් පවතින බැවින් ඊට විරෝධය පළ කරන බව දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංගමය පවසනවා.
එහි නියෝජිත විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදියි.