Gossips

හමුදාවට තොරතුරු නොදෙන්නැයි විග්නේෂ්වරන් උතුරේ නිලධාරින්ට දන්වයි

යුද හමුදාවට තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම පළාතේ සියලූම නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා.
ඒ කිලිනොච්චියේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
‘‘ මම දැනුම් දෙන්න කැමතියි සියලූම සියලූම නිලධාරින්ට යුද හමුදාව තොරතුරු ඉල්ලා අවොත් දෙන්න එපා කියලා. කියන්න එයාලට මම කියල තියෙන්නේ තොරතුරු දෙන්න එපා කියලා. මගෙන් අහලා අවශ්‍ය නම් තොරතුරු දෙන්නම් කියලා කියන්න එයාලට. ඒ වගේම මම කියන්න කැමතියි මධ්‍යම රජයෙන් එක පාලනයක් සිද්ධ වෙනවා. පලාත් සභාවෙන් තවත් පාලනයක් වෙනවා. මේ දෙකටම අමතරව තුන්වන පාලනය විදියට දැන් ආණ්ඩුකාරවරයාගේ පාලනයක් ඇවිල්ලා. මේ සියල්ලෙන්ම අපහසුතාවට පත්වෙන්නේ අපේ ජනතාවයි. ඒක නිසා තමයි අපි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ. මීට අමතරව පලාත් 09 ම ස්වයං පාලනයක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරන්නත් ඕන.’’