Gossips

හමුදාපතිවරයාගෙන් The Hindu පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්

යුද්ධය අවසන් වී වසර 09 ක් ගතව තිබියදී කුමන ආකාරයෙන් හැසිරිය යුතු ද යන්න සම්බන්ධයෙන් යුද හමුදාව අවබෝධ කරගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළා.
"The Hindu" පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ ත්‍රස්තවාදය පරාජයට පත්කළ එකම රට ශ්‍රී ලංකාව බවයි.
යුද්ධය පැවති වසර 30 ක කාලය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවල කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුනොවූ බව පෙන්වා දුන් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් රජය යටතේ එම පළාත්වල සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති බවයි.
උතුරු සහ නැගෙනහිර සිදුවන මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා ජනතාවට හමුදාවේ සහය අවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.
උතුරේ ඉඩම් නිදහස් කිරීමේදී හමුදාව රජයෙන් මුදල් ලබා ගන්නා බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද ඔහු හින්දු පුවත්පතට ලබාදුන් සාකච්ඡාවේදී අදහස් දක්වා තිබෙනවා.
එහිදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කර ඇත්තේ උතුරේ ඉඩම් වල ඉදිකර ඇති හමුදා කඳවුරු ඉවත් කිරීමේදී මුදලක් වැය වන බවයි.
ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම සිදුකරන්නේ යුද හමුදාවේ නිසි ක්‍රියාපටිපාටියකට අනුව බව ද හමුදාපතිවරයා අවධාරණය කර තිබෙනවා.