Gossips

හම්බන්තොට වරාය කොල්ලකෑ බවට ඇමරිකාවෙන් චීනයට චෝදනා

හම්බන්තොට වරායේ සියයට 70ක කොටස් චීනය විසින් 99 අවුරුද්දක බද්දට ලබාගැනීම චීනයේ කොල්ලකාරී ආර්ථික ව්‍යාප්ත වාදයේ පියවරක් බව ඇමරිකානු හමුදා ප්‍රධානියෙකු යළි ප්‍රකාශ කළා.
ඇමරිකානු සන්නද්ධ හමුදාවල මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ජෝසෆ් ඩන්ෆෝඞ් මේ බව කියා සිටියේ ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුව අමතමින්.
චීනයේ එක් මාවතක්, එක් තීරුවක් ව්‍යාපෘතිය යටතේ ගෞදාර් වරාය ඉදිකර ඇත්තේ පාකිස්තානය එරට ඩොලර් බිලියන 10ක ණයගැතියෙකු බවට පත් කරමින් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඊට අමතරව මාලදිවයිනේ ඉදිකිරීම් සඳහා චීනය ලබාදී ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.5ක් පමණ වන අතර එය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30ක් පමණ වන බව ඇමරිකානු හමුදා ප්‍රධානියා සඳහන් කළා.