හම්බන්තොට වරායේ නැව් තෙල් සැපයුම් කටයුතු සඳහා විදේශ ආයෝජකයෙකු යොදා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ටෙන්ඩර් පත් කැදවීම පසුගිය දෙසැම්බර් 31 වන දායින් අවසන් වූ බවයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සඳහන් කළේ.
ලොව ප්‍රධාන නැව් තෙල් සැපයුම් සමාගම් 6ක් මෙහිදී ටෙන්ඩර් පත් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ඩුබායි සහ සිංගප්පූරුව අතරමැදි ප්‍රදේශයක පිහිටි හම්බන්තොට වරායේ නැව් තෙල් සැපයුම් එහි ප්‍රධාන ආදායම් මාර්ගය වනු ඇති බව හම්බන්තොට වරාය සමාගම ප්‍රකාශ කළා.
