චීන සී.එච්.සී.ඊ. සමාගම මගින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ එල්.පී. ගෑස් පර්යන්තය ඉදිකිරීමේ කටයුතු නිමා කර තිබෙනවා.
ශ්‍රී ලාංකික සමාගමක් වෙනුවෙන් ඉදිකර ඇති මෙම පර්යන්තයේ එල්.පී. ගෑස් ඝන මීටර් 60,000ක් ගබඩා කළ හැකි අතර එය ඉන්දීය සාගර කලාපයේ විශාලතම ගෑස් ගබඩාව වනු ඇති.
යාන්ත්‍රික ඉදිකිරීම් අවසන් වී ඇති ගෑස් පර්යන්තය ක්‍රියාත්මක වන විට එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉමහත් රුකුලක් වනු ඇති බවයි එම සමාගම ප්‍රකාශ කළේ.
