හම්බන්තොට වරායේ ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ඩොලර් මිලියන 584 ක මුදල අද අදාළ චීන සමාගම විසින් වරාය අධිකාරිය වෙත ලබාදී තිබෙනවා.
මීට පෙර එහි පළමු සහ දෙවන වාරික ලබාදෙනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සහ මේ වසරේ ජනවාරි මාසයේදියි.
හම්බන්තොට වරාය සඳහා වූ මෙම ආයෝජනය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය ඍජු ආයෝජන මුදල ලෙසටයි සැළකෙන්නේ.
