Gossips

හම්බන්තොට මෙහෙයුමකින් වන අලි 40 දෙනෙකු පලවා හරී

හම්බන්තොට – කටුවැව හා වරාය ගම්මානය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුමකදී ගම් වැදී සිටි වන අලි 40 දෙනෙකු හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට පලවා හැර තිබෙනවා.
පෙරේදා සවස 4ට පමණ ආරම්භ කළ මෙම මෙහෙයුම ඊයේ (14) පස්වරුව දක්වා පැවති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඊට හම්බන්තොට, ලුණුගම්වෙහෙර සහ බුන්දල වනජීවි කාර්යාලවල නිලධාරීන් මෙන්ම වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ද එක්ව සිටියා.