Gossips

හම්බන්තොට කටුවැව වන අලි මෙහෙයුම සාර්ථකයි

හම්බන්තොට කටුවැව හා වරාය ගම්මානය ආවරණය වන පරිදි පසුගිය දින සිදු කල වන අලි මෙහෙයුමේදී වන අලින් 40ක පමණ ප්‍රමාණයක් වන අලි කළමණාකරණ රක්ෂිතය ප්‍රදේශයට පන්නා දැමිමට වනජිවී නිළධාරීන් හා ගම්වාසින් සමත්ව තිබෙනවා.
හම්බන්තොට කටුවැව ප්‍රදේශයෙන් සවස 4ට පමණ ආරම්භ කල වන අලි මෙහෙයුම පසුදින අළුයම වන තෙක් පැවැත් වුණු අතර එහිදී වන අලි 40ක පමණ ප්‍රමාණයක් රක්ෂිත ප්‍රදේශයට පන්නා දැමිම සිදු කෙරුණා.
මේ සදහා හම්බන්තොට,ලුණුගම්වෙහෙර හා බුන්දල වනජිවි කාර්යාලවල නිළධාරීන් එක්ව සිටි අතර වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම,දකුණු පලාත් සභා මංත්‍රි සුජිත් මුතු කුමාරණ යන අයද එක්ව සිටියා.