Gossips

හම්බන්තොට ඉන්ධන පිරිපහදුවට අගමැති මුල්ගල තබයි

හම්බන්තොට වරාය ආශ්‍රිත මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ආරම්භ කෙරෙන අපනයන තෙල් පිරිපහදු කර්මාන්තශාලාවේ සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.
මුල්ගල් තැබීමේ අවස්ථාවට ඕමාන ඛනිජ තෙල් සහ ගෑස් පිළිබද අමාත්‍ය ආචාර්ය මොහොමඩ් හමාඩ් අල් රම්හි, එක්වීම විශේෂත්වයක්.
ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ක මෙම දැවැන්ත ආයෝජනය සිංගප්පුරුව කේන්ද්‍ර කොටගත් සිල්වර් පාක් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගම සහ ඕමාන තෙල් සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වනු ඇති.
අද පැවති තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මෙම ව්‍යාපෘති හරහා රුහුණේ ආර්ථික කේන්ද්‍රස්ථානය හම්බන්තොට ප්‍රදේශය බවට පරිවර්තනය වනු ඇති බවයි.