ඉන්ෆ්ලූවෙන්සා රෝගයට සමාන රෝග ලක්ෂණ ඇති උණ රෝගයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වනවා.
හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එම්.එන්.එච් ක්‍රිශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන මෙන්ම, උණ සන්නිපාතය ද මෙහි රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙන බවයි.
විශේෂයෙන් වයස අවුරුදු දෙකට අඩු දරුවන්, ගර්භණී මව්වරුන් සහ වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්, ගර්භනී මව්වරුන් සහ දියවැඩියාව, ඇදුම, පීනස, හෝ වෙනත් ඌණතා සහිත රෝගීන් මෙම රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ඔහු ප්‍රකාශ කළා.
