Gossips

හම්බන්තොටින් හමුවූ පුපුරණ ද්‍රව්‍යවල සුලමුල හෙළිවේ

නීතිවිරෝධී හා අනාරක්ෂිත අන්දමින් හම්බන්තොට ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබී සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය ගල් වලක් පවත්වාගෙන යන ස්ථානයකට අයත් බවට අනාවරණ වී තිබෙනවා.
එම ගල්වලට ලබා දී තිබූ බලපත්‍රය මේ වනවිට කල් ඉකුත් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනාරක්ෂිත ලෙස පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මෙම නිවසේ ගබඩා කර තිබූ ඩෙටනේටර් සහ ඇමෝනියම් නයිට්‍රේට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (30) පස්වරුවේයි.
මොවුන් හම්බන්තොට – පහළ අන්දරවැව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
විදුලි ඩෙටනේටර් 907ක්, වෝටර් ජෙල් අඩංගු කරල් 1245ක් සහ ඇමෝනියම් නයිට්‍රේට් උර 51ක් මෙලෙස සොයා ගෙන තිබුණා.