Gossips

හම්බන්තොටදී වන අලියෙකු කැබ් රථයක ගැටී තුන්දෙනෙකුට තුවාල

මාතර – කතරගම ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට – මයුරපුර ප්‍රදේශයේදී වන අලියෙකු කැබ් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මොවුන් කතරගම සිට බත්තරමුල්ලේ පිහිටි සිය නිවස බලා වෑන් රථයෙන් පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් වෑන් රථයේ ගමන් ගත් මව, පියා, පුතා තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරුණා.
රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ 73 හැවිරිදි මවගේ තත්ත්වය බරපතල බවයි.
අනතුරින් පසු තුවාල ලැබූ වන අලියාද බූන්දල වනෝද්‍යානය වෙත ගොස් ඇති අතර, එම සත්වයා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.