හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීයි.
ලැබුනු තොරතුරකට අනුව සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීමක් සිදුකර ඇති අතර එහිදී අණ නොතකා ගිය කැබ් රථය හඹාගොස් සිදුකළ පරීක්ෂාවකදී මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවී තිබෙනවා.
එහිදී ඇමෝනියම් නයිට්රේට් කිලෝ 225ක්, ජෙලට්නයිට් කූරු 196ක් සහ ඩෙටනේටර් 100ක් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා හම්බන්තොට පොලිසියට භාරදී තිබෙනවා.