Gossips

හබරාදූවේ වෙඩි පත්තුවෙයි

හබරාදූව, ජෑම්ගහ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
මාර්ගයක් අසන්නයේ් තවත් පිරිසක් සමඟ කථා කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සිද්ධියෙන් හබරාදූව – තලාතුඩුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබුවා.
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන මොහුගේ උදරයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කළක් තිස්සේ පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
හබරාදූව පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීම සිදුකළ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.