Gossips

හබරාදූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී බිළිඳියක් ජීවිතක්ෂයට (ඡායාරූප)

හබරාදූව සහ කොග්ගල අතර ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියේ ගැටී එකම පවුලේ 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද (23) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු මාස දෙකක් පමණ වයසැති කුඩා බිළිදියක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
මොවුන් ගාල්ල – කලහේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඡායාරූප – හබරාදූව, නිමල් අලගේවත්ත