හබරන – සංචාරක හෝටලයක සිටි විදේශිකයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
අද (01) අලුයම මොහු එම හෝටලයෙහි නාන තටාකයට වැටී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
60 හැවිරිදි මෙම ඉන්දියානු ජාතිකයා සිය බිරිඳ සමඟ මෙරට සංචාරය සඳහා පැමිණ ඇත්තේ පසුගිය සතියේයි.
මොවුන් බ්‍රිතාන්‍යයේ පදිංචිකරුවන් බවයි පොලීසිය කියා සිටියේ.
