හබරන – පළුගස්වැව – උල්පත්ගම ප්‍රදේශයේ ඝාතනය කර, වළ දමා ඇතැයි බව පැවසෙන පුද්ගලයෙකුගේ සිරුරක් අද (19) ගොඩගැනීමට නියමිතයි.
කැකිරාව මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ මෙම සිරුර අද ගොඩ ගන්නා බවයි හබරන පොලීසිය සඳහන් කළේ.
උල්පත්ගම ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අතුරුදන් වී ඇති බවට ඥාතීන් විසින් හබරන පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් ඇතුළු තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන් අනතුරුවයි.
මේ අතර, ක්‍රිකට් පිත්තක් හිසේ වැදීමෙන් හෝමාගම මධ්‍යම මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.
මීට දින 10කට පමණ පෙර මෙම ශිෂ්‍යාව පාසල් ක්‍රීඩාංගණය තුළ සිටියදී තවත් සිසුවෙකු පිත්තෙන් පන්දුවකට සිදුකළ පහරදීමක් අත්වැරදීමකින් මෙම සිසුවියගේ හිසට වැදී තිබුණා.
පසුව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර අද (19) දිනයේදී ඇයට ශල්‍යකර්මයක් ද සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.