Gossips

හබරණ විරෝධතාකරුවන් විසිර යයි

හබරණ – පොළොන්නරුව මාර්ගය ගිරිතලේ 20 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.
ඒ, වන සතුන් දිගින් දිගටම තම භෝග විනාශ කිරීමට එරෙහිව බලධාරීන් නිසි පියවර නොගැනීමට විරෝධය පළ කරමින්.
එහිදී ඔවුන් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
පසුව එම ස්ථානයට පැමිණි මින්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයා සිය ජංගම දුරකථනයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන සම්බන්ධ කර ගනු ලැබුවා.
ඉන් අනතුරුව එම ගැටළුව විසදීම සඳහා ලබන බදාදා වන තෙක් කාලය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමත් සමඟ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගොස් තිබෙනවා.