Gossips

හබරණ රක්ෂිතයක ගින්නක්

හබරණ ප්‍රදේශයේ රක්ෂිතයක හට ගත් ගින්නකින් අක්කර 40 ක පමණ ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 118 කණුව සහ 120 කණුව අතර, රක්ෂිත ප්‍රදේශයේ මෙම ගින්න හට ගෙන ඇති බව සදහන්.
පොලීසිය සදහන් කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දඹුල්ල ගිනි නිවීමේ ඒකකය සහ ගුවන් හමුදාවේ නිලධාරින්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවයි.