Gossips

හබරණ බස් රථ අනතුරකින් 16 දෙනෙකු රෝහලේ

හබරණ මොරගස්වැව ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් 8 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අද (11) අලුයම 3 ට පමණ මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පොලොන්නරුව සිට කල්මුණේ දෙසට ගමන් කල පෞද්ගලික බස් රථයක්.
රියදුරුට නින්ද යාමෙන් මේ අනතුර සිදුව ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ.
හබරණ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.