Gossips

හබරණ – පොළොන්නරුව මාර්ගයේ ගිලා බැසීමක්

හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මින්නේරිය – 07 කණුව ප්‍රදේශයෙන් ගිලා බැසීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.
මේ නිසා එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ (22) රාත්‍රියේ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ 7 කණුව – රිලා වංගුව ප්‍රදේශයෙන් මෙලෙස මාර්ගය ගිලා බැසි ඇති බව හිරු වාර්තාකරු කියා සිටියා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.