අලි රංචුවක් ගැටීම හේතුවෙන් අනතුරට ලක්වූ අවස්ථාවේදී ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියෙන් ඉන්ධන එක්රැස් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේම කම්කරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හබරණ සහ පලූගස්වැව දුම්රිය ස්ථාන අතරදී ඊයේ මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඉන්ධන ටැංකිවලින් නිකුත් වූ ඉන්ධන එක්රැස් කිරීම ආරම්භ කළ අතර පසුව එය නතර කරනු ලැබුවේ පොලීසියේ මැදිහත් වීමෙන්.
අනතුරෙන් දුම්රියෙහි තෙල් ටැංකි දෙකකට ද අලාභ හානි සිදුවුණා.
