Gossips

හබරණ අනතුරින් පස්දෙනෙකු රෝහලේ දෙදෙනෙකුට අසාධ්‍යයි (ඡායාරූප)

හබරණ ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ හයිබ්‍ර්යිඩ් වර්ගයේ මෝටර් රථයක් අසල තිබු ගසක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (22) රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් කළ පස්දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
තුවාලකරුවන් අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු මහනුවර මහ රෝහල වෙත මාරු කර යැවූ බවයි දඹුල්ල රෝහලේ ප්‍රකාශකයෙකු අප සමඟ පවසා සිටියේ.
මෝටර් රථයේ ගමන් කළ සියලු දෙනා හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
අනතුර සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.


(ඡායාරූප – හබරණ සංජය මධුෂාන්)