Gossips

හබරණදී අලි තිදෙනෙක් දුම්රියක ගැටෙයි

කොළොන්නාවේ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ 493 දුම්රියේ ගැටී අද (18) අලුයම වන අලි තිදෙනෙක් මියගොස් තිබෙනවා.
කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ සහ පලුගස්වැව අතර 127 වන කිලෝමීටර් කණුව අසල දී මෙම අලින් තිදෙනා දුම්රියේ ගැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
වන අලි තිදෙනා දුම්රියේ ගැටීමෙන් අනතුරුව අදාළ දුම්රිය ද පීලි පැන තිබෙනවා.
මිය ගිය අලි තුන්දෙනා අතර ගැබ්බර ඇතින්නක ද සිටි ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම අනතුරෙන් පසු මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.