Gossips

හපුතලේ ෆේස්බුක් සාදයක් වටලා 58ක් අත්අඩංගුවට

හපුතලේ නිවාඩු නිකේතනය තුළ පැවති ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි 58 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අතර එක් කාන්තාවක සිට ඇති අතර, සැකකරුවන් ළඟ තිබී හෂීස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
අද (28) පෙරවරුවේ සිට මෙම ෆේස්බුක් සාදය හපුතලේ නිවාඩු නිකේතනය තුළ පවත්වා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (28) පස්වරුවේයි.