Gossips

හපුතලේදී මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

බණ්ඩාරවෙල ඔත්තකඩේ ප්‍රදේශයේදී මෝටර් රථයක් අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරලියාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (16) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෝටර් රථය අනතුර ලක්වන අවස්ථාවේ රථය පදවා ඇත්තේ වෛද්‍යවරයෙකු විසින් බවයි පොලීසිය පැවසුවේ.
අනතුරින් තුවාල ලැබු වෛද්‍යවරයා දියතලාව මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
බණ්ඩාරවෙල පොලීසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.