Gossips

හඳුනා නොගත් වෛරස් උණක් දකුණු පළාතේ

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු වී තිබෙනවා.
විශේෂයෙන්ම හඳුනා නොගත් මෙම උණ රෝගය කුඩා දරුවන් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බවටයි වාර්තා වන්නේ.
තංගල්ල, හම්බන්තොට සහ වලස්මුල්ල යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් මෙම උණ රෝගීන් වාර්තා වන අතර ඔවුන් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පසුගිය දින කිහිපය තුළ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ කුඩා ළමයින් 05 දෙනෙකු පමණ මෙම වෛරස් උණ රෝගයෙන් මිය ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ හේතුව නිසා රෝගීන් බැලීම සඳහා පැමිණීමේදී සහ ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී ඒ පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.