Gossips

හඳුන්නෙත්තිගෙන් පාර්ලිමේන්තුවට හෙළිදරව්වක්

මෙරට නිෂ්පාදනය කෙරෙන තේ සඳහා සීනි කළවම් කර අපනයනය කිරීමේ ජාවාරමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද හෙළිදරව්වක් සිදුකළා.
ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ 17 වන දිනය වූ අද විවාදයට එක්වෙමින්.
අද දිනයේ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු, වැවිලි කර්මාන්ත සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනුනා.
මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද පාර්ලිමේන්තුවේදී එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
ඊට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන ඉහළ නිලධාරින් සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටපු නිලධාරීන් කිහිපදෙනෙකුද කැඳවා තිබුණා.