Gossips

හඳපානාගලදී තිදරු පියෙක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ

වැල්ලවාය, හඳපානාගල, වෙහෙරගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු පහරදී ඝාතනය කර තිබෙනවා.
අද (15) අලුයම මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ වෙහෙරයාය ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක්.
ඔහු නිවසේ තනිව සිටියදී ඝාතනයට ලක්ව ඇතැයි සඳහන්.
ඝාතනයට හේතුවක් හෝ සැකකරුවෙකු සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.
වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.


ඡායාරූප – වැල්ලවාය ජයන්ත වීරසේකර