Gossips

හදිසි පාර්ලිමේන්තු සැසි වාරය ගැන ඒකාබද්ධය අපේක්ෂාවෙන්

හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීම සම්බන්ධයෙන් කථානායකවරයා අද හෝ හෙට නිසි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ විශේෂ විවාදයක් පැවැත්වීමේ අරමුණින් හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් මෙන්ම කතානායකවරයාගෙන් ඊයේ දිනයේ ලිඛිත ඉල්ලීමක් සිදු කළ බවයි.
රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය සහ රුපියල අවප්‍රමාණය වීම හමුවේ ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් අදාල විවාදය පැවැත්වීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරයාගේ සහ කථානායකවරයාගේ මාධ්‍ය ඒකක ප්‍රධානීන් කියා සිටියේ මෙතෙක් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවයි.