පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමක් අවශ්‍ය නොවන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
එම ඉල්ලීම අග්‍රාමාත්‍යවරයාගේ අවධානය සඳහා යොමු කෙරෙන බව කතානායක කාර්යාලය ඊයේ (28) ප්‍රකාශ කළා.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අදාළ ඉල්ලීම සිදුකර තිබුණේ ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සඳහන් කරමින්.
එහෙත් ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවීමේ බලය අග්‍රාමාත්‍යවරයාට පැවරී ඇති බවයි කථානායක කාර්යාලය නිවේදනය කළේ.