ඊයේ (09) රාත්‍රියේ කොළඹ වරායේ නැව් තටාකාංගණ සේවකයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අකීෂ් යාදෙව් නමැති ඉන්දීය ජාතික 38 හැවිරිදි පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රී 8.05 ට පමණ අදාළ අනතුරෙන් බරපතළ තත්වයේ පසුවූ මෙම සේවකයා ජාතික රෝහලට ඇතුලත් කිරීමේදීයි මියගොස් ඇත්තේ.
පිටකොටුව වෙරළබඩ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ .
