Gossips

හදිසි අනතුරකට ලක්ව යුද හමුදා සෙබළෙක් ජිවිතක්ෂයට පත්වෙයි

ගොකරැල්ල – පාන්ගොල්ල යුධ හමුදා කඳවුරේ පිහිටි රණවිරු ගම්මානයේ සිදු වු අනතුරකින් යුධ හමුදා සෙබළෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
හමුදා සෙබළා ජල ටැංකියක් පවිත්‍ර කිරිම සඳහා වහලයක් මතට නැගි අවස්ථාවේදී එහි සෙවිලි තහඩුවක් සමඟ බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කර බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරිමේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙක්.
ඔහු මෝදර – රොක්හවුස් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටියදී උත්සවයකට සහාභාගි විම සඳහා පාන්ගොල්ල යුද හමුදා කඳවුරට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස හදිසි අනතුරකට ලක්ව පිවිතක්ෂයට පත්ව ඇත්තේ.