කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තය තුලදී විදේශිකයෙකු ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ රාමනාථපුරම් හි පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
මොහු ඉන්දියාව බලා ගමන් ගැනීමට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි අවස්ථාවේදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඇද වැටී මියගොස් ඇති බව සදහන්.
ඔහුට ඇති වූ කිසියම් රෝගාබාධිත තත්වයක් නිසා එහි වූ කොන්ක්‍රීට් කණුවක් බදා ගෙන ඇති අතර , පසුව ඔහු එම කණුව දිගේ රෑටා වැටෙන අන්දම ගුවන් තොටුපළ තුළ සවි කර ඇති ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් ගුවන් තොටුපළ පොලීසිය අනාවරණය කර ගෙන තිබෙනවා .
මේ අතර, වැලිකඩ – දියවන්නා ඔයෙහි පාවෙමින් තිබී කාන්තා මළසිරුරක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50 ක් පමණ වයසැති කාන්තාවක් වන අතර ඇයගේ අනන්‍යතාවය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
