Gossips

හදිස්සියේම වාහන මිල වෙනස් වෙයි

පසුගිය දින කිහිපයේදී ජපන් යෙන් ඒකකයක් 10% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාම නිසා මෙරටට ජපානයෙන් ගෙන්වන වාහන මිලද වැඩි වන බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.
මේ අනුව suzuki Wagon R සහ Vitz වැනි කුඩා වාහන වල මිල ලක්ෂ 2 කට ආසන්න මුදලකින් ඉහල යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වුවත් පසුගිය අයවැයට අනුව වාහන වලට බදු පැනවෙන්නේ එන්ජින් ධාරිතාවය අනුවයි.
මේ නිසා විකුණුම් මිල වැඩි වුවද ඊට සාපේක්ෂව බදු මුදල වැඩි වන්නේ නැහැ.
මීට පෙර වාහන ආනයන කරුවන්ගේ සංගමය පැවසූවේ ජපානයේදී වාහනවල මිල වැඩි වුවහොත් වෙන්දේසියේ මිල ඉල්ලුම පහත යන බවයි.
එසේ ඉල්ලුම පහත ගියහොත් වාහන වල විකුණුම් මිලද පහත යන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
මේ තත්වය මත වාහන වල මිල ඉතා ඉහළ මිලකින් වැඩි නොවන බවත් ව්‍යාපාරිකයින් මත පළ කරනවා.