Gossips

‘‘හදට හදක්’’ වෙබ් අඩවිය ජනපති ප්‍රධානත්වයෙන් එළි දකී

ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ දැකිය හැකි පරිත්‍යාගශීලිභාවය ලෝකයේ ධනවත් බොහෝ බටහිර රටවල ජනතාව විශ්මයට පත් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ අද පැවති ‘‘හදට හදක්’’ භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාව හෘද රෝග අවම රටක් බවට පත් කිරීම මෙම අරමුදලේ අරමුණ වන අතර, හෘද රෝග චිකිත්සක සේවාව දියුණු කර එහි ගුණාත්මක බව ඉහළ නැංවීම එහි තවත් අපේක්ෂාවක්.
‘‘හදට හදක්’’ භාරකාර අරමුදල, හදවත් රෝගවලට ගොදුරු වී සිටින, එම සැත්කම සදහා මුදල් සොයා ගත නොහැකි ජනතාව වෙනුවෙන්, ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල මූලික කර ගනිමින් පිහිටුවා තිබෙනවා.
මෙහිදී ‘‘හදට හදක්’’ ව්‍යාපෘතිය සදහා පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු විසින් සිදුකරන ලද පරිත්‍යාග නිල වශයෙන් ජනාධිපතිවරයාට භාරදීම ද සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.