Gossips

හතුරු, ගුරුසිංහ ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කළ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා මධ්‍යස්ථානය, කාන්තා ක්‍රිකට් ප්‍රධානී ලෙස පත්කළත් ඔහු නැවතත් ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉල්ලා ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස හිටපු ටෙස්ට් නායක මෙන්ම හිටපු කළමනාකරුවෙක් සහ පුහුණුකරුවෙක් වන දුලිප් මෙන්ඩිස් පත් කිරීමට තීරණය කර ඇති බවට පසුගියදා වාර්තා පළවුනා.
ඒ අනුව ඔහු තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසද නම් කිරීමට සුදානම් බවයි වාර්තා වුණේ.
ශ්‍රි ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ලබන සතියේදී ආරම්භවීමට නියමිතව ඇති අවස්ථාවක තවමත් කණ්ඩායමේ කළමනාකරු නම් කර නැහැ.