හතුරුසිංහටත් තැන දෙමින් පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් පත්කර තිබෙනවා.
එහි සභාපති ලෙස හිටපු තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි පත්කර ඇති අතර තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ගාමිණී වික්‍රමසිංහ, එරික් උපශාන්ත, ජෙරී වවුටර්ස් සහ තරඟ සංචාරයේ තේරීම් භාරව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තේරීම් කමිටුවේ කාල සීමාව මැයි 16 දා සිට වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බව සඳහන්.
