Gossips

හත් හැවිරිදි දරුවෙකුට මුන්දලමේදී සිදුවූ ඛේදවාචකය

මුන්දලම, කීරියන්කල්ලිය ප්‍රදේශයේදී පා පැදියක් දිය ඇලකට වැටීමෙන් එය පදවාගෙන ගිය කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (15) සවස සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 07ක දරුවෙක් බවයි උඩප්පුව පොලීසිය පවසන්නේ.
මිය ගොස් ඇති දරුවා කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි ඇති අතර විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට දරුවාගේ මවගේ දෙමව්පියන් පදිංචිව සිටින කීරියන්කල්ලිය ප්‍රදේශයට සිය මව්පියන් සමඟ පැමිණ තිබෙනවා.
ඊයේ සවස කීරියන්කල්ලිය – ආඩිගම මාර්ගයේ කුඩා දරුවන් පිරිස පා පැදිවල නැගී විනෝද වෙමින් සිට ඇති අතර එක්වරම දරුවා පදවාගෙන ගිය පා පැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇලට වැටී ඇති බව සඳහන්.
සෙසු දරුවන්ගේ දැණුම් දීම මත අසල්වැසියන් පැමිණ අනතුරට පත් දරුවා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ඊයේ (15) රාත්‍රියේම සිරුර මව්පියන්ට බාරදී ඇති අතර උඩප්පුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.