Gossips

හත් හැවිරිදි ආචිගේ සැබෑ වූ සිහිනය

ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නායකයන් දෙදෙනෙක් වෙත පැවැරී තිබෙනවා.
ඒ නිත්‍ය නායක ටිම් පයිනේට හා හත් හැවැරිදි ආචි ස්චිලර්ටයි.
ආචි දරුණු හදවත් රෝගයකින් පෙළෙන අතර ඔහුගේ සිහිනය වී ඇත්තේ කෙදිනක හෝ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය දැරීමයි.
මාස තුනේ පටන් ශල්‍ය කර්ම කිහිපයකට භාජනය වූ ආචිගේ සිහිනය සැබෑ කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමත්, ක්‍රිකට් ආයතනයත් කටයුතු කරනු ලැබුවා.
ආචි කණ්ඩායම සමගින් මේ දිනවල පුහුණුවීම් හි නිරත වී තිබෙන අතර ඔහුව සතුටින් තිබීම සඳහා ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන් හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබුවා.
ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ආචි වෙනුවෙන්ම ටෙස්ට් ක්‍රිකට් ඇඳුමක් ද නිර්මාණය කිරීමටත් කටයුතු කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ආචි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තෝරාගත් පසු ඔහු පවසා ඇත්තේ තමන්ගේ ප්‍රධාන අරමුණු ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි දවාගැනීම බවත්, එය ඉතා පහසු ක්‍රියාවක් බවයි.
මෙම තරඟයේදී දඟ පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කිරීමට තමන් කැමති බව ආචි පවසා තිබෙනවා.