Gossips

හතර වනදා ගුරුවරුන් වැඩ වර්ජනයකට සැරසේ

සේවා ව්‍යවස්ථාවට පටහැනිව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පත්වීම් ලබාදීමට එරෙහිව ලබන 04 වනදා ලෙඩ නිවාඩු දමා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් සිදුකරන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
එහි කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් කියා සිටියේ දේශපාලන පලිගැනීමට ලක්වූවන් සේ සළකා මෙම පත්වීම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
අදාළ වර්ජනයට තම සංගමයේ සහයද ලබාදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහද කියා සිටියා.
මේ අතර තැපැල් වෘත්තිය සමිති පසුගියදා ආරම්භ කළ වර්ජනය හේතුවෙන් සේවාවට නොපැමිණි දින සඳහා වැටුප් කපා හැරෙන බවට පළවන වාර්තා අසත්‍ය බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් ප්‍රකාශ කළා.
වෘත්තිය සමිති සහ තැපැල්පතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදාළ වැටුප් ලබාදීමට තීරණය කෙරුණු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.