Gossips

හතරැස් කොටුව ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගනී

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙම මළ සිරුර ආසන්නයේ අනතුරට පත්වූ බවට සැක කෙරෙන යතුරුපැදියක්ද තිබී ඇති බවයි වාර්තාවන්නේ.
මෙලෙස සොයාගත් පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියයන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.
මෙය පුද්ගල ඝාතනයක්ද නැතහොත් අනතුරක්ද යන්න සම්බන්ධයෙන් හබරණ පොලීසිය පරීක්ෂණ පවත්වනවා.