Gossips

හතරවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 3 ක ජයක්

සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවති හතරවන එක්දින තරගයෙන් ලකුණු 3 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.
තරගයේ ජය පරාජය තීරණය කෙරුනේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයට අද වර්ෂාවෙන් අවස්ථා කිහිපයකදීම බාධා එල්ලවුනා.
මේ හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 39 ක් ලබාදී තරගය ආරම්භ කිරීමටයි තීරණය කෙරුනේ.
කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 39 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 306 ක් ලබාගත්තා.
දසුන් ශානක වේගවත් ලකුණු 65 ක් ලබාගත්තේ පන්දු 34 කින්. හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් ඊට ඇතුලත්.
එය ඔහුගේ පළමු එක්දින අර්ධ ශතකයයි.
කුසල් පෙරේරා ලකුණු 51 යි.
උපුල් තරංග ලකුණු 36 ක් නිරෝෂන් දික්වැල්ල ලකුණු 34 ක් රැස් කළා.
තිසර පෙරේරා නොදැවී 51ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ලුන්ගි නිගිදි සහ ජේ පී ඩුමිනි කඩුලු දෙක බැගින් බිඳහෙලුවා.
දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඔවුන්ට පන්දුවාර 21 කදී ලකුණු 191 ක් ලබාගත යුතු බවට තීරණය කෙරුනා.
කෙසේවෙතත් පන්දුවාර 21 අවසානයේ ඔවුන්ට ලබාගත හැකිවුයේ ලකුණු 187 ක් පමණයි.
තරගයේ වීරයා සම්මානය දසුන් ශානකට හිමිවුනා.
තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3 ට එකක් ලෙසට දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසුවනවා.