Gossips

හතක් රෝහල් යැවූ අනතුර

අද (08) උදෑසන නෙළුව, ඉහළ ලේල්වල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා නෙළුව මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි නෙළුව පොලිසිය පවසනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාවන් කර්මාන්තශාලාව වෙත රැගෙන යමින් තිබූ වෑන් රථයක්.
ප්‍රමිතියකින් තොරව නැවත පිරවූ ටයරයක් පුපුරා ගොස් වෑන් රථය පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.
අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ 07 දෙනාගෙන් දෙදෙනෙකුගේ හැර අනෙක් අයගේ තත්වය බරපතල නොවන බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සම්බන්දයෙන් නෙළුව පොලිස් රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.