Gossips

හඬ පටයක් නිකුත් කරමින් නාමල් කුමාර කළ චෝදනාවට අමිත් වීරසිංහගෙන් පිළිතුරු

හඬ පටයක් මාධ්‍යට නිකුත් කරමින් නාමල් කුමාර මහතා මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මහතාට සිදු කළ චෝදනාවට අද ඔහු පිළිතුරු ලබාදුන්නා.
අමිත් වීරසිංහ මහතා පැවසුවේ නාමල් කුමාර නිකුත් කර ඇති හඬ පටවලට අදාළව ඔහු මේ වන විටත් අත්අඩංගුවට ගෙන සිටිය යුතු බවයි.
මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මහතාට පසුගිය 31 වනදා ඇප හිමි වූ අතර අධිකරණයෙන් පිටතට පැමිණ ඔහු පැවසුවේ තමන්ව පොලිසියට හසුකර දුන්නේ නාමල් කුමාර බවයි.
නාමල් කුමාර මහතා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඊට පිළිතුරු ලබා දුන්නා.
මෙම වෝදනාවට අමිත් වීරසිංහ මහතා අද පෙරවරුවේ පිළිතුරු ලබා දුන්නේ තෙල්දිණිය – දිගන ගැටුමට අදාළව ගොනු කළ නඩුවක් සඳහා තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී.
මේ අතර සිංහලේ අපි ජාතික සංවිධානයද නාමල් කුමාර අත්අඩංගුවට ගත යුතු බව අද සඳහන් කළා.