Gossips

හකීම් සහ රිෂාඩ් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර තිබෙනවා.
ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් පක්ෂ නායක රවුෆ් හකීම් සමඟ මේ වනවිට කරුණු හුවමාරු කරගනිමින් සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පන් සඳහන් කළා.