හක්ගල උද්භිද උද්‍යානයට පිවිසෙන ප්‍රධාන දොරටුව වෙනත් ස්ථානයකට ගෙන යාමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයින් පිරිසක් මේ වන විට එම උද්‍යානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.
වසර 160ක් පැරණි මෙම ප්‍රධාන පිවිසුම ආසන්නයෙහි සුළු ව්‍යාපාරිකයින් රැසක් සිය ව්‍යාපාරික කටයුතු සිදුකරන අතර එය වෙනත් ස්ථානයකට රැගෙන යාමෙන් තම වෙළඳාම් කටයුතු සිදුකරගෙන යාමට නොහැකි බවට ද ඔවුන් චෝදනා කරනවා.