Gossips

හක්ක පටස් නිසා අලි පැටියෙක් අවසන් ගමන් යයි (ඡායාරූප)

හක්ක පටස් වෙඩිල්ලක් පත්තුවීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පළාත තුළ පසුගිය 2017 වර්ෂයේ වල් අලි 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව උතුරු පළාත භාර පශු වෛද්‍ය නිළධාරි බි.ගිරිදරන් පවසනවා.
වවුනියාව ,පූවරසන්කුලම,සෙංගල්පඩෙයි ප්‍රදේශයේ කැළැව ආසන්නයේ තිබි ඊයේ(19) මියගිය වල් අලියෙකුගේ මළ සිරුරක් සොයා ගැනීම සම්බන්ධයෙන් විමසී‍මේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
ගිරිදරන් පැවසූවේ උතුරු කලාපයේ වවුනියාව,මන්නාරම,කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශ තුළ වල් අලි ගහණය ඉතා ශිඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි.
මිනිසුන් විසින් හක්ක පටස් පත්තු කිරීම, විදුලිය වැද්දවීම හා වස දීම හේතුවෙන් පසුගිය සමයේ උතු‍රු පළාතේ වල් අලි ජිවිතක්සයට පත්ව ඇති බවද පශු වෛද්‍ය නිළධාරිවරයා සඳහන් කළා.
මිගගිය අලියා වයස අවුරුදු තුනක පමණ වන අතර,මියගිය අලියාගේ හම හා අස්ථි කොටස් පමණක් දැනට ඉතිරිව පවතින බවද ගිරිදරන් සදහන් කළා.
මියගිය අලියාගේ මරණය සම්බන්ධයෙන් වන හේතු සොයා බැලීම වෙනුවෙන් හෙට(21) දින‍යේ පරීක්ෂණ පවත්වන බවද ඔහු ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් හා පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.