අම්පාර, පොතුවිල් ප්‍රදේශයේ හැඩඔය ආසන්නයේ වෙල් යායක ඇතින්නක් මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.
හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මෙලෙස මියගොස් ඇති ඇතින්න වයස අවුරුදු 30ක් පමණ වනවා.
හක්ක පටස් දමා මෙම සත්වයා ඝාතනය කළ පුද්ගලයින් සෙවීම සදහා වනජීවි දෙපාර්මේන්තුව සහ පොතුවිල් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.
2018 වසරේ මේ දක්වා කාලය තුල අලි මිනිස් ගැටුම හේතුවෙන් ලාහුගල ප්‍රදේශයේ වන අලි 08 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර මිනිස් ජීවිත දෙකක් ද අහිමිව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
හක්ක පටස් ආහාරයට ගැනීමත් සමඟ එය සත්වයාගේ මුඛය තුල පුපුරා යාම හේතුවෙන් මුඛයට බරපතල තුවාල සිදුව ආහාර ගැනිමට නොහැකිව අලින් මියයන බව අම්පාර වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් පවසනවා.
ඡායාරූප – අම්පාර, වසන්ත චන්ද්‍රපාල